Monday, December 04, 2023
Follow Us
හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට  වෘත්තියක්

හෙද වෘත්තිය පිළිබදව මගේ ජිවිත කාලය තුළ  කිසිම කෙනක් අල්ලස් දුෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි පිළිබදව තමන්  අසා නැති බවත්  ශ්‍රී ලංකාවේ මොන වෘත්තීය පිළිබදව කවුරුන් කෙසේ සදහන් කළත් තිබෙන සියලු  වෘත්තීත් අතරින් හෙද වෘත්තීය අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත්  ඒ විශිෂ්ටත්වය ආරක්ෂා කර ගැනීම   වගකිමක් වන බවත්  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (17)  හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 2519 සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයේදී  අදහස් දක්වමින්ය .

මෙම පත්වීම් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ  ආර්ථිකමය අපහසු කාලසීමාවක මෙරට රාජ්‍ය සේවයට එක්වරෙක අතිවිශාලම පිරිසක් බදවා ගැනෙන මෙම  අවස්ථාව විශේෂ සනිටුහනක් ලෙස ගෙනහැර දැක්විය හැකි බවයි.

මෙරට නිදහසින් පසු පැවැති රජයන් සියල්ල විශේෂ ක්ෂේත්‍ර දෙකක් වන නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබෙන බවත්   ඒනිසාවෙන්  නිදහස්  ශ්‍රී ලංකාවේ ජිවත්වන පුරවැසියන් වන  අපේ නිදහස් කිරීටයේ අග්‍රමාණික්‍ය දෙක ලෙස නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් සැලකිය හැකි බවය.

1948 වර්ෂයේදී  ලියාපදිංචි වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් 400 කගෙන් පමණ ආරම්භ වූ  හෙද නිලධාන් 300 ක් පමණ සිටි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර 75 ක් වන විට හෙද නිලධාරි මහත්ම මහත්මින් 43000 ක්, වෛද්‍ය නිලධාරින් 23,000 කුත් පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා තවත් 8,000 ඇතූලු පිරිසක් ඇතුලු ලක්ෂයකට අධික පිරිසකගෙන් යුක්ත විශිෂ්ට සේවා සපයන වෘත්තීය සේවාවක් බවට පත්වෙලා තිබෙන බව අමාතයවරයා මෙහිදී පැහැදිලි කළේය.

එහි පරිණාමයත් සමග අද ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු පිරිවැයකින් ලෝකයේ විශිෂ්ට ගුණාත්මකම සෞඛ්‍ය සේවාවක් සපයන මධ්‍යස්ථානයක් ලෙස නිතර  හදුන්වාදෙන අවකාශයක් පරිසරයක් බිහිවි තිබෙන බවද  එහි ගරුත්වය ඒ් වෙනෙුවෙන් කැපකිරිම් සිදු කළ මෙරට වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහායකින් ඇතුලු සෑම කෙනෙකුටම හිමි විය යුතු බවද ඒ ගරුත්වය අභිමානය අතිවිශිෂ්ට බවද අවධාරණය කළේය. 

එමෙන්ම මෙරට මාතෘ මරණ, ළදරු මරණ  ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත්   එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග මට්ටමින් අපි ලෝකයේ ඉදිරියටම පැමිණ තිබෙන බවද  අපේ රෝග කළමණාකරණය හා ඒ හා බැදුනු ජිවිත ආයු අපේක්ෂාව ලෝකයේ දියුණු රටවල මට්ටමට පත්ව තිබෙන බව ද  මෑත උදාහරණය නම්  කොවිඩ් අර්බුදයේ දී මෙරට සෞඛ්‍ය සේවකයින් කළ අප්‍රමාණ කැපකිරිම, එම කැපකිරිම හරහා ලෝකයේ අනෙකුත් දියුණු රටවල් වන ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය  හා සාපේක්ෂව අපේ මරණ ප්‍රමාණය ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට අඩු මට්ටමක පැවැති බවද ප්‍රකාශ කළේය.

මෙහිදී 2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කළ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු හට පත්වීම් ලබාදුනි. 

ගුණාත්මක හා ප්‍රශස්ත රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පලාත් සභාව යටතේ පාලනය වන රෝහල් වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය. 

2023.11.22 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදි.