Thursday, October 24, 2024
Follow Us
කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. 

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.