සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදීය.
වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය.
එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පවත්නා බවත්, කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබූ බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවට අවධාරණය කරනු ලැබිය.