Wednesday, November 26, 2025
Follow Us
Political

මෙවර ජනපතිවරණයේ දී දේශපාලන පිම්මකට හැරවුමක් පවතින බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුනා. මෙම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මිට පෙර සන්ධාන ගතවී සිටියා.

Political

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් මත නොව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සලකා බැලීමෙන් අනතුරුව බවත් ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

Political

හෙට (05) කොළඹදී පැවැත්වෙන බව කියන සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට සහභාගි වීමට කිසිදු අවසරයක් නොමැති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. යම් සාමාජිකයෙකු එම සමුළුව සඳහා සහභාගි වුවහොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කරයි.

Political

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහාය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබුණද, ඉන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂය පෙන්වාදෙන්නේ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරේ දෙමළ වැසියන්ගේ ප්‍රසාදය මේවනවිට ගිලිහී ඇති බවයි.

Political

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

Political

The All Ceylon Makkal Congress (ACMC) hailed the decision by Sri Lanka’s leading Tamil coalition to back New Democratic Front (NDF) candidate Sajit Premadasa in the forthcoming Presidential election.

Political

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට තමන් ජනපති වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අභ්‍යන්තර බාහිර බේදයකින් තොරව සියලු උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබාදෙන බවත් මේවා පොරොන්දු වලට සීමා වන ප්‍රකාශ නොවන බවත් ඒ මහතා කීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ නගරයේ පැවැති ජන රැළියකදී ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.

Political

Tamil National Alliance (TNA) has pledged its support to New Democratic Front Presidential candidate Sajith Premadasa although a formal announcement has not yet been made, leader of the alliance R Sampanthan said.

Political

ආරක්ෂාව තහවුරු කරන ආකාරයට , මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර , විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුලින් රැකියාවල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදු පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Political

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් මේ වනවිට වවුනියාවේදී පැවැත්වෙයි.

Political

Joint Opposition MP Mahinda Samarasinghe claimed today that presidential hopeful Sajith Premadasa has not used the term ‘unitary state’ in his election manifesto.

Political

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, එතෙර අපි සහ සයිප්‍රස් සේවක හමුවට (03) කොළඹදී එක්වෙමින්.

Political

ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.

Political

දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේ්‍ශපාලන පක්ෂ 17 කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.