Wednesday, July 09, 2025
Follow Us
සජිත් හෙට සිරිකොතේ ජනේලෙ එල්ලෙයි !

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) දිනයේදී පළමු වරට මහජනතාව ඉදිරියේ පෙනී සිටින බව වාර්තා වේ. හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

ඒ අනුව හෙට පෙරවරු 11 ට පමණ සජිත් ප්‍රේමදාස මහතා සිරිකොත එජාප මූලස්ථානයේදී සිය පාක්ෂිකයන් හමුවීමට නියමිත වේ.

සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ඔහු සමග මුල සිටම සටන් කළ එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායම එජාපයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීම සඳහා සූදානම් වන බව පසුගිය දිනවල වාර්තා විය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ සජිත් පාර්ශ්වයේ කිසිවෙකු හෝ තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැත.

(LNW)