Wednesday, July 09, 2025
Follow Us
ගෝඨාභය හමු වී උතුර ගැන කථා කරන්න යයි

උතුරේ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගැනීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී "අපේ ජීවිතය..අපේ අනාගතය..අපේ පරපුරට මොනාද ඉදිරියට තියෙන්නේ කියලා දැන ගන්නයි අපි මේවා කතා කරන්නේ. හොඳ විසඳුමක් ලැබෙයි කියලා හිතනවා. දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇවිල්ලා.. වැඩක් පටන් ගත්තොත් ඒක කරලා ඉවර කරන්න පුළුවන්කමක් තියෙනවා ඔහුට. ඔහු හරියාකාර තීරණයක් ගත්තොත් ඒක ඉෂ්ඨ කරනවා කියන විශ්වාසේ තියෙනවා අපිට." යනුවෙන් ද සඳහන් කළා.

(Neth)