කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්වය යටතේ වුවත් කිසිසේත්ම මහමැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් අනිවාර්යයෙන්ම අප්‍රේල් 25 වනදා නියමිත පරිදි මහමැතිවරණය පවත්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අවධාරණය කරයි.
ඉදිරි මහ මැතිවරණයේදී සහය දෙන්නේ කුමණ පාර්ශ්වයට ද යන කරුණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්ථාවරය මේ වන විට අනාවරණය වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන බව වජිර අබේවර්ධන මහතා අද(11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බැවින් පක්ෂයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඊට සියලුම සහයෝගය දැක්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාව අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිඛිතව දැනුම් දී තිබේ.
එළඹෙන මහ මැතිවරණය සඳහා මාලිමාව ලකුණ යටතේ ජාතික ජන බලවේගය ලෙස තරග කිරීමට ලබන 17 වැනිදා සිට නාම යෝජනා භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
Former Parliamentarian Ven. Athuraliye Rathana Thera today urged Prime Minister Mahinda Rajapaksa to retire from politics and hand over the leadership of the Sri Lanka Podujana Peramuna (SLPP) to President Gotabaya Rajapaksa so that he can implement his policies independently.
එල්ල වන දෝෂාරෝපණ වර්ධනය වන හෙයින් මහ මැතිවරණයේදී වෙන්ව තරග කරන්නේද යන්න පිළිබඳව අද (12 වැනිදා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
දුරකථනය ලකුණ යටතේ එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණත් එක්සත් ජාතික පක්ෂයද සමගි ජන බලවේගය යටතේම තරග කරන්නේද නැතහොත් ඔවුන් වෙනම ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කරන්නේදැයි තවදුරටත් සංවාද පවතිනවා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය පිහිටුවා ඇති බැවින් ඕනෑම එජාප පාක්ෂිකයෙකුට සමගි ජන බලවේගයට සහාය දැක්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
The Coronavirus has no relevance to the general election as preventing the further spread of the disease is the most important matter rather than talking of postponing the polls, Samagi Jana Balawegaya (SJB) Leader Sajith Premadasa said yesterday.
බැඳුම්කර වංචාවෙන් ප්‍රතිලාභ ලැබූ කිසිවෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවෙන් නාමයෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිහිතබා ගතයුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 86 ක් පමණ ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය 27 කි.
The Sri Lanka Freedom Party (SLFP) has formally informed the Elections Commission yesterday (10) that they will contest the upcoming general election alone.
සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්කිරීම සඳහා ක්‍රියාකාරීව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම වෙහෙසෙන්නේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට බවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.
දේශපාලනයේදී කැමති පුද්ගලයන් මෙන්ම අකමැති පුද්ගලයන්ද ලංකර ගැනීමට සිදුවන බවත්, ඇතැම් අවස්ථාවලදී සමාව දීමට වුවද සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
Page 414 of 555