Sunday, January 18, 2026
Follow Us
මහ ඡන්දෙට අනුර කොළඹින්

ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ජාතික ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ කොරෝනා රෝගය ව්‍යාප්තවීමත් සමඟ මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.

(Lanka Leads)