ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ගිවිසුම්ගත වූ ආකාරයෙන් ශ්‍රීලනිපයට නාමයෝජනා ලබාදීමක් සිදුව නොමැති බවත් ශ්‍රීලනිපයට ලැබී ඇත්තේ ඉතාම අඩු නාමයෝජනා සංඛ්‍යාවක් බැවින් එය ශ්‍රීලනිපයේ අනාගතයට දැඩිව බලපාන බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් පවසයි.
"දැන් අපට අස්සන් කරපු ගිවිසුම අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් හරිනම් 8ක් හම්බුවෙන්න ඕනෙ. ඒක අපට ආරංචි වෙච්චි විදියට අද එකට බැහැලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපට 6ක් හම්බුවෙන්න ඕනෙ, ඒකත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එකට බැහැලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයෙන් අපට තුනක් හම්බුවෙන්න ඕනෙ, ඒත් කලුතර දිස්ත්‍රික්කයෙන් අපි දන්න විදියට එකක්වත් ලැබිලා නෑ. මේක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්" යනුවෙනුයි ඔවුන් සඳහන් කළේ.
ශ්‍රීලනිප ආසන සංවිධායකයින් පිරිසක් මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)