ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් ඒ මහතා ඊයේ (15) දින එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
එමෙන්ම කළුතර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණය සඳහා තරග වැදීමට ඒ මහතා නාමයෝජනා අත්සන් කිරීමද සිදු කර ඇත.
(Lanka Leads)