මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා (15) හෙළිදරව්වක් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.
”අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හඬ න`ගන විපක්‍ෂය ගැන රටේ ජනතාව හොඳාකාරව වටහාගෙන සිටිනවා.
රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.
The Supreme Court has appointed a five-judge bench, led by the Chief Justice to hear Fundemental Rights petitions filed challenging the election date.
අධිකරණ කටයුත්තක් පැවතීමත්,තවමත් දිස්ත්‍රික්ක දෙකක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාප අංක නිකුත් නොකළ බව එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ පළපුරුද්ද ඇති අය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) පවසා තිබේ.
The Tamil National Alliance (TNA) stands ready to support the government if a proper system for power devolution is provided for in any changes made to the Constitution, says former Parliamentarian M.A. Sumanthiran.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනුකර ඇති රීට් පෙත්සම ලබන ජුනි 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාෂ්, ශිරාන් ගුණරත්න, සොභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබිණි.
යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. අද (14) පස්වරු 02 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
Former Minister Rajitha Senaratne was remanded till May 27 by the Colombo Magistrate's Court over the 'white van' press conference. He was arrested this evening after he surrendered to the CID.
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගෙන් ඉවත් වූයේ ඒ සඳහා බලපෑ කරුණු ගණනාවක් තිබූ හෙයින් වන අතර නැවත එම උරචක්‍රමාලය බෙල්ලේ එල්ලා ගෙන ජනතා අප්‍රසාදයට පත් වීමට අවශ්‍ය නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි.
අද ආණ්ඩුවට මැතිවරණය ගැන තිබෙන උනන්දුව කෙතරම්ද යත් මැතිවරණය පවත්වා ඡන්ද පත්‍රිකා විෂබීජානුහරණයට ලක් කිරීමට අවශ්‍ය උෂ්ණත්වයත් පවසන නමුත් ජනතාවගේ ජීවන වියදම් තැටිය බොහෝ සෙයින් රත් වී ඇති බව ආණ්ඩුවට නොවැටහෙන්නේදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසයි.
Former Parliamentarian Mangala Samaraweera was questioned by the Criminal Investigations Department (CID) yesterday for over five hours.
ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව නිදහස් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
Page 400 of 555