පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය හෙට (20) දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
අද දින පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා සිය වාචික දේශන ඉදිරිපත් කරන ලදී . විරාන් කොරයා මහතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි අතර සුරේන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ඉක්‍රාම් මොහොමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිඥවරයකු විසින් ගොනු කළ පෙත්සමක් හෙට දින අටවන පෙත්සම ලෙසට සලකා බැලීමට නියමිතය.
(Lanka Leads)