Friday, January 16, 2026
Follow Us
හොර පාරෙන් කොටි සැමරුමට ගිය විග්නේශ්වරන්… හරවා යවයි

යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම සදහා යැයි පවසමින් උතරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශෟවරන් මහතා ඇතුළු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ 32 මාර්ගයෙන් යාමට ගොස් පෙලීසියේ හා යුද හමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින නැවත යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී එම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනය චෙම්මිණ මංසන්ධියේ පිහිටා ඇති යුද ස්මාරකය අසලදී යුද්ධයෙන් මිය ගිය වැසියන් සැමරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇත. ‍

කෙසේ නමුත් චෙම්මිණ ප්‍රෙද්ශයේ යුද සැමරුමට පොලිස් නිලධාරීන් විසින් බාධා සිදුකොට ඇත්තේ පවතින කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් පිරිස් රැස්වීමෙන් වලකින ලෙසට දැනුම් දීමෙන් වන අතර එහිදී සී.වී. විග්නේශ්වරන් ඇතුළු පිරිසට ඉතා කෙටි කාලයක් එම ස්ථානයේ රැදී සිට පිටව යාමට සිදුව ඇත.

(Lanka Leads)