MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
රජය එම ගිවිසුම අත්සන් කිරීමේ උත්සහයක නිරත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, MCC ගිවිසුම අත්සන් කරන්න හදනවා යනුවෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරනු ලබන බවයි.
මැතිවරණය හේතුවෙන් එවැනි දේ සිදු කරත් කිසිවිටෙකත් එවැන්නක් සිදු නොකරන බවද ඒ මහතා පැවසීය.
(Lanka LEads)