Saturday, August 15, 2026
Follow Us
Political

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

Political

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණ අතර මතගැටුම මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. පොදුජන පෙරමුණේ බොහෝ මැති ඇමතිවරුන් පවසන්නේ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බවයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්වීමට තම මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Political

ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Political

ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Political

2021 වසරේදී ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ දේශපාලන පක්ෂ අතරින් පක්ෂ 03 කට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට එකතු වේ.

Political

ආණ්ඩුවෙන් කුමන පුද්ගලයෙකු ඉවත් වුවද එය ඉදිරි වැඩපිළිවෙලට කිසිදු බාධාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

Political

කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Political

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ශ්‍රීලනිපයට හෝ නැවතත් මේ රටේ බලය ලබා ගැනීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයි.

Political

ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත සන්දේශයක් භාර දෙන ලදී.

Political

Samagi Jana Balawegaya (SJB) will do its maximum to bring about national reconciliation in the nation, Leader of the Opposition Sajith Premadasa said over the weekend.

Political

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පොදුජන ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

Political

කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හයෙන් පහක බලයක් තිබියදී ජේ.ආර්. ජයවර්ධන රජය මැතිවරණ කල්දැමීමට යාමෙන් අවසානයේදී රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදු වූ බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එවැනි තත්වයක් යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

Political

වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

තමන් මෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ රාජ්‍ය නායකයෙකු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.