Thursday, July 10, 2025
Follow Us
මැතිවරණ කැලැන්ඩරයක් මෙරට නීතියට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් - පැෆරල් සංවිධානය

මැතිවරණ කැලැන්ඩරයක් මෙරට නීතියට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මැතිවරණ කල්දැමීම වළක්වා ගැනීම සදහා එවැනි අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති හේතු සාධාරණ නොවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ මාර්තු 19 දක්වා දීර්ඝ කරමින් රජය ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඊට මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් කර තිබුණා.

(Neth)