Friday, January 02, 2026
Follow Us
මංගලගේ අභාවය ගැන ශෝකය පළකිරීමේ විවාදය 21 වැනිදා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරිමේ විවාදය ලබන 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම ශෝක යෝජනා විවාදය සඳහා මීට පෙර දින නියම කර තිබූ නමුත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් එම විවාදය පැවැත්වීමට නොහැකි විය.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය අගෝස්තු 24 වැනිදායි.

(LNW)