අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ එකමුතුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
තමන්ට ඉංග්‍රීසි භාෂාව හෝ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුමක් නොමැති බැවින් තමන්ට රට හැදීමට නොහැකි බවත් ඒ අනුව රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තුරු මාස තුනක් තමන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
19 වන සංශෝධනය බලාත්මක වන්නේ නම් වත්මන් ජනාධිපතිවරයා සමග වුවද, වැඩ කිරීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
While asserting that it was absurd talking about any solution to the present economic crisis unless President Gotabaya Rajapaksa resigns, National People's Power MP Vijitha Herath said that an impeachment should be moved against the President, if he is not willing to quit.
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.
බණ්ඩාරවෙල සහ බදුල්ලේ ජනතාව සමග තමන් කටයුතු කරන ආකාරය අනුව තමන්ගේ නිවසට කිසිවෙකුත් පහර නොදෙන්නේ යැයි තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
අධික ජීවන බරකින් පෙළෙන ගොඩනැගීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ හැකියාවක් නොමැති හෙයින් කරුණාකර දැන්වත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට ජනාධිපතිවරයාට බල කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අර්බුදය විසදා ගැනීමට නම් වහාම අන්තර්වාර පාලනයක් බිහිකළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
Page 179 of 553