Saturday, July 05, 2025
Follow Us
ඇමතිකම ගත්ත සුරේන්ට අද වෙච්ච දේ

සුරේන්ගේ සියලු තනතුරු අහිමි වේ


අධ්‍යාපන හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු තනතුරු වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ඒ අනුව අදාළ රාජ්‍ය අමාත්‍යවරයාට තම පක්ෂයේ හිමි ව තිබූ, පක්ෂ උපලේකම්, වන්නි දිස්ත්‍රික් නායක සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් යන සියලුම තනතුරුවලින් ඉවත් කෙරෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලත්ල ප්‍රකාරව මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)