ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විද්වතුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කර ඔවුන්ට ප්‍රධාන අමාත්‍ය ධූර කෙටි කාලයකට පැවරීම පවතින දේශපාලන අර්බුදයට ලබා දිය හැකි ප්‍රායෝගික විසදුමක් බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පවසනවා. එසේ නොමැතිව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවද පවතින දේශපාලන අර්බුදය නොවිසදෙන බවයි ඔහු පෙන්වාදුන්නේ.
මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.
අද වනවිට රට මුහුණ පා ඇති අර්බුධයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින ප්‍රබුද්ධ පිරිස් එකතු වී නව දේශපාලන ප්‍රවාහයක් ගොඩ නැගිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ස්වාධීන වූ සිය කණ්ඩායම ඉදිරියේ දී සහය දෙනු ලබන්නේ රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. සෑම අංශයකම ආර්ථික ප්‍රතිසංවිධානයක් ඇති කර ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ලබා දිය හැකි බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
ආණ්ඩුවට සහය දක්වන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේද ස්වාධීන වීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස බවටයි වාර්තා වන්නේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබෙනවා.
ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළද විපක්ෂය සමඟ එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
යළි කැබනට් අමාත්‍ය ධූර භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
Page 178 of 551