ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් සමන්විත කෙටුම්පත
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාරදී තිබේ.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී අදාළ කෙටුම්පත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබීය.
අනතුරුව අද පෙරවරුවේ අදාළ කෙටුම්පත සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කථානායකවරයා වෙත භාරදී තිබේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතය.
(Aruna)