19 වන සංශෝධනය බලාත්මක වන්නේ නම් වත්මන් ජනාධිපතිවරයා සමග වුවද, වැඩ කිරීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන බව ප්‍රධාන විපක්ෂ සංවිධායක සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (07) දින ද ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අතර පසුගිය දිනවල මෙන් සුපුරුදු ලෙස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.
අධිභාර බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම කමිටුව හමුවට කැඳවූ බවයි.
අධික ජීවන බරකින් පෙළෙන ගොඩනැගීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ හැකියාවක් නොමැති හෙයින් කරුණාකර දැන්වත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට ජනාධිපතිවරයාට බල කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
අර්බුදය විසදා ගැනීමට නම් වහාම අන්තර්වාර පාලනයක් බිහිකළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
වත්මන් අර්බුදයේ කේන්ද්‍රය ජනාධිපතිවරයා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවම වහාම ඉවත් විය යුතු බවයි.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කරන බව සමගි ජනබලවේගය පවසනවා.
Page 177 of 551