“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය සංවිධානය කරන පා ගමනේ අවසන් දිනය අදයි. මොරටුවේ සිට ටවුන්හෝල් දක්වා එම පා ගමන අද දිනයේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තමන් ඉදිරිපත් කළ යෝජනා බොහෝ දුරට සාධනීය ලෙස ඉටුවී ඇති බව හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අවශ්‍ය ඕනෑම සහයක් නව අමාත්‍යවරුන්ට ලබාදීමට තමන් සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා විශේෂ රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවල සාමාජිකයින් ඊට එක්ව සිටියා.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබෙනවා. ඊෙය් දිව්රුම් දුන් කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ ප්‍රසන්න රණතුංගයි.
Samagi Jana Balawegaya ( SJB) is to handover the no confidence motion against the government to Speaker Mahinda Yapa Abeywardene on Tuesday April 19 2022, an SJB MP said today.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් රට තුළ බරපතළ අරාජික තත්වයක් උද්ගත විය හැකිය යන කාරණය සලකා ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
19 වන සංශෝධනය යළි බලාත්මක කිරීම සඳහා 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන බව සමගි ජනබලවේගය පවසනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ආරම්භ කරන ලද පාගමනට දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු කණ්ඩායම සහාය දෙන්නේ තම කොන්දේසි දෙකක් පිළිගන්නේ නම් පමණක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
Page 177 of 554