Sunday, July 06, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධීක්ෂණයට විද්වත් පිරිසක් අවශ්‍ය බවට අස්ගිරි පාර්ශවයෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධීක්ෂණය කිරීම සඳහා විද්වත් පිරිසක් අවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් පවසනවා. විදේශීය සහය ලබා ගැනීමට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එම රටවල් දැනුවත් කර විශ්වාසයක් ඇතිකරගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයින් උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි මේ බව ප්‍රකාශ කළා.

(Neth)