Sunday, July 06, 2025
Follow Us
සජබ විරෝධතා පාගමන හෙට

මහනුවර සිට කොළඹට එන විරෝධතා පාගමන


ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කරන විරෝධතා පාගමන හෙට (26) මහනුවරින් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එම විරෝධතා පාගමන මැයි පළමුවනදා කොළඹට ළගාවීමට සැළසුම් කර ඇත.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ සුදු හෝ කලු පැහැති ඇඳුමින් සැරසී මෙම පාගමනට සහභාගි වන ලෙසටයි.

විරෝධතා පාගමනේ ගමන් මග පිළිබදව මන්ත්‍රීවරයා මෙලෙස පැහැදිලි කළේය.

පළමු දිනය – මහනුවර සිට මාවනැල්ලට
දෙවැනි දිනය – මාවනැල්ලේ සිට ගලිගමුවට
තෙවැනි දිනය – ගලිගමුවේ සිට දංඕවිටට
සිව්වැනි දිනය – දංඕවිට සිට යක්කලට
පස්වැනි දිනය – යක්කල සිට පෑලියගොඩට

(Aruna)