අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයා සහ ඉල්ලා අස් වූ කැබිනට් ඇමතිවරු අතර අද (16) සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.
පාලකයින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉකුත්දා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබද සාකච්ඡා කරන බවයි එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ. ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බව වාර්තා වනවා.
නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස අසල ඊයේ (14) ජනතා විරෝධතාවක් පැවැත්වී තිබේ.
විදෙස් ණය සහ පොලී ගෙවීම් අත්හිටුවීමට තීරණය කළයුත්තේ ණය ලබාගත් ක්‍රියාදාමයට අනුව බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ එලෙස ක්‍රියා නොකළහොත් විදෙස් ණය ලබාදුන් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ලෝක බැංකු නියෝජිතයා අතර හමුවක් පසුගිය 10 වනදා පැවැත්වී ඇති බව වාර්තා වේ.
අද අපේ රටේ තිබෙන්නේ අන්ත දූෂිත හොරකම ඉහවහා ගිය දුර්දාන්ත ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ රාජ්‍ය දේපළ රාජ සම්පත් මංකොල්ල කන කප්පිත්තන් බවට රට පාලනය කරන පවුල පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි රටක් අඟලක් හෝ පෙරට යන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම ගුවන් යානා 21 බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මිල ගණන් කැදවා ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි වසර 3 ඇතුළදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙනවා. ඒ, ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
Page 176 of 552