Sunday, July 06, 2025
Follow Us
විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය

“මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන්නේ නැතුව යන්න හම්බවෙන්නේ නෑ ගමට”


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ මේ වන විට මන්ත්‍රීවරුන් 125ක් පමණ අත්සන් තබා ඇති බවයි.

“පක්ෂ 11 කණ්ඩායම සහ ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනාට මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීම් කරලා තිබෙනවා.”
“අපි බලමු මේකට අත්සන් කරනවා ද කියාලා. මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන්නේ නැතුව යන්න හම්බවෙන්නේ නෑ ගමට. අවශ්‍ය අත්සන් ප්‍රමාණය සහිතව මැයි 4වනදාට පෙර අපි විශ්වාසභංගය භාරදෙන්න කටයුතු කරනවා.”

(Aruna)