Sunday, July 06, 2025
Follow Us
අගමැති එලවන්න ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් පෙරට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් කරවීම සඳහා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. එම මන්ත්‍රීවරුන් අතරට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද ඇතුළත්. ඔවුන් කණ්ඩායමක් ලෙස එක්වී මෙම වැඩපිළිවෙළ දියත් කරන බවටයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේදිනවල රැඳී සිටින්නේ ද ජනාධිපති මන්දිරයේ බවට ද වාර්තා පළ වනවා. අලුතින් පත් කරන ලද අමාත්‍යවරුන්ගේ රාජකාරියට බාධාවන ආකාරයට ඔහු උපදෙස් ලබාදෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.

මේ අතර ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙකු පත් කිරීමට ද මැදිහත් වී ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බව දේශපාලන ආරංචි පවසනවා. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිට ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටයි.

ඊට හේතු වී ඇත්තේ සියයට 20 ක වෙළඳපල කොටසකට හිමිකම් කියන ලාෆ් ගෑස් සමාගම සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සැලසුමක් සකස් කිරීමේ අරමුණින්. එහෙත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බලපෑම් මත ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

(Neth)