Sunday, July 06, 2025
Follow Us
නාමල් ට එරෙහි නඩුවක් ?

වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 14


හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 14 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ එම නඩුව ගොනුකර තිබුණි.

(Aruna)