Sunday, July 06, 2025
Follow Us
අරගල කරන තරුණයින්ට මම සුභ පැතු බව කියන්න!

සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (28) දිනයේදීත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ඊට පෙනී සිට නැවත බන්ධනාගාරය බලා යාමට සිටි හිටපු මන්ත්‍රීවරයා ඒ අතරතුර මාධ්‍ය වෙතද අදහස් දැක්වීය.

මේ වන විට රටේ තරුණ පිරිස් විසින් ආරම්භ කර තිබෙන අරගලය ඉතා සාධාරණය බවත් තමන්ද එයට සුභ පැතූ බවත් දැනුම් දෙන ලෙසයි ඔහු කියා සිටියේ.

(LNW)