සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බව ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එලැඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම අවශ්‍ය නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
(Neth)