Sunday, July 06, 2025
Follow Us
ජනතාව ඉල්ලුවේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක් හදා දෙන්න කියලා. අපි ඒක අකුරටම කළා – මහින්ද

2019 වසර වනවිට රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව ද බිඳවැටී තිබුණු නමුත් තමන් බලයට පැමිණි පසු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අපි මේ ආණ්ඩුව භාරගන්නකොට හැම අතින්ම බිඳවැටුණු රටක් තමයි අපි භාරගත්තේ. ඒ වෙලාවේ ආර්ථිකය විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව ගැනත් එදා ජනතාවට විශ්වාසයක් තිබ්බේ නෑ. වැඩිපුරම ජනතාව ඉල්ලුවේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී බෝම්බ පුපුරන්නෙ නැති රටක් හදලා දෙන්න කියලා. මම හිතන්නෙ අද වනවිට අපි ඒ ඉල්ලීම අකුරටම ඉෂ්ඨ කරලා තියෙනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීමක් අමතමිනි.

(LNW)