Sunday, July 06, 2025
Follow Us
ව්‍යාපාර, කඩසාප්පු සියල්ලම වහන තත්ත්වයකට එන්න පුළුවන්

රනිල් ඇත්ත තත්ත්වය පැහැදිලි කරයි


රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තරුණ ප්‍රජාවගේ ද අදහස් හා යෝජනා අත්‍යාවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආර්ථික ගැටලුව සඳහා තමන් විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සඳහා තරුණයින්ගේ සහාය ද අත්‍යවශ්‍ය බවයි.

“මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසාන වෙනවා. අලුතින් ණය ලැබෙන පාටක් අපිට පෙනිලා නැහැ. එහෙනම් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍රවෙලා විශේෂයෙන්ම ව්‍යාපාර, කඩසාප්පු සියල්ලම වහන තත්ත්වයකට එන්න පුළුවන්. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී විසඳන්නට ඕනේ. මැතිවරණ තියන්න වෙලාවක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව මුල්‍ය බලය අරගෙන කැබිනට් මණ්ඩලය සමගත්, ඒ වගේම තරුණ හඬ සමගත් එකට එකතුවෙලා වැඩකරන යෝජනා කිහිපයක් මම එදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඉතින් මම යෝජනා කරන්නේ, අපේ යෝජනා මාලාව තියෙනවා. ඒ අනුවම තමන්ගේ අදහස් සමාජ මාධ්‍යයේ පළකරන්න. මේ අදහස් සතියකින් දවස් 10 කින් දැනගත් විට ඒ අදහසුත් අරගෙන ආපසු මේ යෝජනා සංශෝධනය කරලා සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන්.”

 

(Aruna)