විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 120කගේ සහාය
වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
එසේ නොමැති වුවහොත් ඉදිරි සතිය ඇතුළත ආණ්ඩුවට විරුද්ධ සමගි ජන බලවේගය ගෙනැවිත් ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවද උදය ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබීය.
එසේම එම විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120කගේ සහාය ඇති බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
“මේ වනවිට අපි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා ඉතාම සරල කෙටුම්පතක් හදලා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළා. ඒ අන්තර්ගතය පිළිබඳව ඒ අයගේ එකඟතාවය දැනුම් දීලා තියෙනවා. ඉදිරියේ දී ආණ්ඩුව ඉවත්වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ විශ්වාසභංග යෝජනාව මේ සතිය ඇතුළත භාරදෙනවා.”
(Aruna)