Sunday, July 06, 2025
Follow Us
ශ්‍රී ලංකාවට මුහුණදීමට ඇති තවත් අභියෝගයක් ගැන රනිල්ගෙන් අනාවරණයක්

ඉන්ධන සහනාධාර සඳහා ලබාදුන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබාදුන් ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය මැයි මාසයේ මුල් සතිය වන විට අවසන් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී විශාල ප්‍රශ්ණයකට මුහුණදීමට සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

පෞද්ගලික බැංකුකරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික බැංකුකරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේද විශාල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ණය යෝජනා ක්‍රමය යටතේ තවත් අමෙරිකානු ඩොලර් 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව ඵළකර ඇති බවයි.

(Neth)