Saturday, July 05, 2025
Follow Us
අන්තර් කාලීන පාලනයකට අවස්ථාව දී කරුණාකර බැස යන්න – විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

එසේ නොකළොත් මේ රට තුළ ඇති වන අවාසනාවන්ත ඉරණමේ පාපතර වගඋත්තරකාරයන් බවට පත්වීම වැළැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ මොහොතේ එකිනෙකා අතර පවතින පරස්පරතා පසෙක තබා විරෝධතාවේ නියුතු ජනතාවගේ අභිලාෂයන්ට නිසි ගෞරවය දිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ වන විට රට පත්ව තිබෙන අනතුර ගැන එදා අමාත්‍ය මණ්ඩලය තුළ තමන් ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙක් පෙන්වා දුන් බවත් ඒ ගැන නාමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු තමන්ගේ හෘද සාක්ෂියෙන් ඒ ගැන දන්නා නමුත් ද්විත්ව රටවැසියාගේ මායාවට ඔවුන් සියලු දෙනා හසු වූ බවයි විමල් වීරවංශ මහතා පැවසුවේ.

එමෙන්ම එම ද්විත්ව රටවැසියා සාටකය දාගත් අයෙකුට පාරට බහින්න බැරි තැනට දැන් පත්කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

(LNW)