Saturday, July 05, 2025
Follow Us
ජනපති ගත් හැම තීන්දුවක්ම වැරදියි – ජවිපෙ

නව ඇමති මණ්ඩලය පත් කළේ එයාලාව සතුටු කරන්න


නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දි පැය කිහිපයක් තුළ ඉන්ධන මිළ වැඩිවීමෙන් පෙනී යන්නේ එම අමාත්‍ය මණ්ඩලයටද ජනතා ගැටළු විසදිය නොහැකි බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා මොරටුව නගරයේදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ දක්වා ගෙන ඇති තීරණ සියල්ල වැරදි බවයි.

“ආණ්ඩුව අලුත් ඇමති මණ්ඩලය පත් කරලා සිදු කළේ ජනතාවගේ දුක නිවන එක නෙවෙයි, පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉන්නවා එයාලට රාජ්‍ය ඇමතිකමක්වත් නැහැ කිය කියා, එයාලගේ දුක නිවන්න තමයි මේ ඇමති මණ්ඩලය පත් කරලා තියෙන්නේ.

එ් නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවත් එක්ක ඉන්න කට්ටියගේ දුක නිවන්න කටයුතු කරලා වැඩක් නැහැ. මේ රටේ දුකෙන් ඉන්න ජනතාවට පිළිතුරු හොයන්න මේ ආණ්ඩුවට බැහැ.”

(Aruna)