විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමග සාකච්ඡා කරන්න
වීදි බැස විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් සහභාගි කරවාගෙන වත්මන් අර්බුදය සහ ඒ සඳහා ගත හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන්ට ආරාධනා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියි.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පාලනය දීර්ඝ කිරීමට හැකිවන පරිදි යෝජනා මාලාවක් ද ඔහු සාකච්ඡාවට ඉදිරිපත් කළේය.
ගිණුම් සහ වියදම් පිළිබඳ අධීක්‍ෂණය පුළුල් කිරීම සඳහා කෝප් ( COPE ) සහ කෝපා ( COPA ) සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටු බලගැන්වීමේ ද ඊට ඇතුළත් විය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තුරු ප්‍රාග්ධන වියදම් නතර කරන ලෙසත්, රාජ්‍ය වත්කම් බෙදා හැරීම නතර කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන අතර 20 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
(Aruna)