Sunday, July 06, 2025
Follow Us
ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න සූදානම් කියන කථාවේ ඇත්න මෙන්න

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍යයි – කතානායක


ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (20) පාර්ලිමේන්තුව්දී කරුණූ පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

කතානායකවරයා – මේ වෙනකොට සමාජ මාධ්‍යජාලවල යනවා ජනාධිපතිවරයා කතානායකවරයාට ඉල්ලා අස්වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. උදේ කතාවේදී මම කිව්වේ 113ක් අරගෙන එතැනට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒක අදත් වලංගුයි. කරුණාකරලා 113ක් හදාගෙන යන්න. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව තමුන්නාන්සේ තේරුම්ගන්න.

විපක්ෂනායකවරයා – ගරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමකදී ඔබතුමා, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මම ඉදිරිපිට හිටියේ. මෙහෙමයි. එතැන ඔබතුමා ඒක ප්‍රකාශ කරලා දැන් නැහැයි කියලා කියනවානම්. මට ඔබතුමාට කියන්න වෙනවා ඔබතුමා කියන්නේ අසත්‍යයක් කියලා.

කතානායකවරයා – නෑ ඔබතුමා කියන්නේ අසත්‍යයක්.

විපක්ෂනායකවරයා – ඔබතුමා කිව්වා ඒක.

කතානායකවරයා – ඔබතුමා වැරදි විග්‍රහයක් කළා කියලා මම කියනවා.

විපක්ෂනායකවරයා – අපිත් පුදුම වුනා. මම මොනවටද මෙතනට ඇවිල්ලා බොරු කියන්නේ.

කතානායකවරයා – මම කිව්වේ 113 ක් අරගෙන…

විපක්ෂනායකවරයා – නෑ. නෑ. සම්පූර්ණ අසත්‍යයක් ඔබතුමා කියන්නේ. ඔබතුමා කියන්න එහෙනම් ඔබතුමාගේ කතාවේ ඔබතුමාට වැරදුනා කියලා. මම මෙතන ඇවිල්ලා කිව්වේ ඉස්පිල්ලක් පා පිල්ලක් නෑර ඔබතුමා කියපු දේ.

කතානායකවරයා – සම්පූර්ණ වැරදියි. ඔබතුමා ඒක වැරදි විග්‍රහයක් කරන්නේ.

විපක්ෂනායකවරයා – ගරු කතානායකතුමනි මේ වගේ ටොම් පච කතා කියන්න එන්න එපා.

කතානායකවරයා – තමුන්නාන්සේ ටොම් පචයක් කියන්නේ.

විපක්ෂනායකවරයා – තමුන්නාන්සේ කතානායක නෙවෙයි පචයෙක් එහෙනම්. පචයෙක්. බොරු කියන්න එන්න එපා.

කතානායකවරයා – තමුන්නාන්සේ බොරු කියන්න එන්න එපා මෙතන. තනතුරට අගෞරවයක්.

(Aruna)