Saturday, July 05, 2025
Follow Us
සහරාන්ගේ වාහනේ හිටපු පොලිස් ඇමැති ගිහින්

බීබීසී මාධ්‍යවේදියාගේ අනාවරණය පාර්ලිමේන්තුව දෙවනත් කරයි


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයෙකු ලෙසට සැලකෙන සහරාන් හෂීම් විසින් භාවිතා කළ ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 රථය වර්තමානයේ භාවිතා කරනු ලබන්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් බව BBC කොළඹ වාර්තාකරු රංග ශ්‍රීලාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කර තිබේ.

මේ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, සරත් වීරසේකරගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු ලෙස සරත් වීරසේකර ප්‍රකාශ කළේ මේ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් විමසූ විට එය රාජසන්තක කල වාහනයක් වන අතර එය පොලිසියට බාර දී ඇති බවත් පසුව පොලිසිය විසින් විශේෂ කාර්ය බලකායට දී ඇති බවත්ය.

එම වාහනය තමා භාවිතා නොකරන බවත් සරත් වීරසේකර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

– උපුටා ගැනීම –

This is the Toyota Land Cruiser V8 that was used by Zahran Hashim of NTJ who led the Easter Sunday bombings. Reports that @ReAdSarath is using this. Can a court production be used by a politician? Attn Cardinal Malcolm Ranjith

(Aruna)