පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනික අර්බුදවලට විසදුමක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලීන විසදුම වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
පවතින අර්බුදවලට පැය 24 කින් විසදුම් ලබාදිය නොහැකි වුවත් ජනතාව තවත් බොහෝ කාලයක් පෝළිම්වල නොතබන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
ඉන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුවේ අවශ්‍යතාව පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝනය යළි බලාත්මක කිරීමෙන් පමණක් සිය පක්ෂය සෑහීමකට පත් නොවන බවයි.
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද දිනයේ විපක්ෂයේ අසුන්ගෙන සිටීමද විශේෂත්වයක්.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සඳහන් පටි පැළඳ අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටි අතර සබාවේ කටයුතු ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පෙරවරු 11 යි 40 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කතානායකවරයා පියවර ගත්තා.
(Neth)