“රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් දේශපාලනඥයින් සම්බන්ධයෙන් තමන් හෙළි කළ සියලු කරුණු සත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම කණ්ඩායමේ අරමුණ වුවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් එම විශ්වාසභංගයෙන් පසුව රට ඉදිරියට ගෙනයෑම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් එකඟවිය යුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. 05 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අද දිනයේ සිදුවනවා. මීට පෙර ප්‍රකාශ කෙරුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පළමු කාර්යය ලෙස නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත්කර ගනු ඇති බවයි. කෙසේවෙතත් ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඡන්ද විමසීමක් අද දිනයේ පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සිය පක්ෂය සහය නොදක්වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ආණ්ඩුවේ ස්වාධීනවූ පක්ෂ 11හේ නායකයින් ඊයේ කොළඹ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවා.
Page 169 of 553