පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ ඕනෑම අවස්ථාවක බහුතර බලය පෙන්වීමට සූදානම් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්රුම ඉකුත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාව තමන්ද අනුමත කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එම යෝජනාව ඩලස් අලහප්පරුම මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඉකුත් 21 වනදා ඉදිරිපත් කර තිබුණේ අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙත එහි පිටපත් ද යොමු කරමින්.
2015 වසරේ ජනාධිපතිධූරයෙන් ගෞරවාන්විත ලෙස ඉවත් වූවා සේ වර්තමාන අග්‍රාමාත්‍යධූරයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ඉවත් විය යුතු බව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තවත් සතියක කාලය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන – රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීමට සමත් එකම බලවේගය සමගි ජනබලවේගය බවත්, තමන්ට සක්විති රජකම දෙන බව කීවත් හොර කල්ලි සමග හෝ රාජපක්ෂලා සමග අන්තර්කාලීන ආණ්ඩුවක්වත් හදන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.
රට හමුවේ පවතින ආර්ථික ගැළුවලට විසදුම් සෙවීමට සියළු පක්‍ෂ එක් නොවන්නේ නම් විප්ලවීය මාවතක් හරහා හෝ විසදුම් සෙවීමට කටයුතු කරන බව ඉකුත් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ජනතාව ගැන සිතා සියලු න්‍යායපත්‍ර හකුලා දේශපාලන පක්‍ෂ රට වෙනුවෙන් එක්විය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ
ඉන්ධන සහනාධාර සඳහා ලබාදුන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබාදුන් ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය මැයි මාසයේ මුල් සතිය වන විට අවසන් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී විශාල ප්‍රශ්ණයකට මුහුණදීමට සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
තවත් දින කිහිපයක් තුළ සමගි ජනබලවේගය ද අයත් නව ආණ්ඩුවක් බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධීක්ෂණය කිරීම සඳහා විද්වත් පිරිසක් අවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් පවසනවා. විදේශීය සහය ලබා ගැනීමට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එම රටවල් දැනුවත් කර විශ්වාසයක් ඇතිකරගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
Page 169 of 549