Tuesday, July 08, 2025
Follow Us
විමල්, ගම්මන්පිල, වාසු අද රනිල් හමුවෙයි. සහාය දීමටත් තීරණය කරයි … !

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට මෙම කුඩා පක්ෂ 10 කණ්ඩායම දැනටමත් තීරණය කර ඇති බව සඳහන්.

ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් එම තීරණයට එළඹ ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

(LNW)