Tuesday, July 08, 2025
Follow Us
සමගි ජන බලවේගය හදිසියේ ගත් තීරණය

‘තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා‘


වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් සහ ජනතාව වෙනුවන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ තීරණය කර තබේ.

අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කලේ අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

ඒ බැවින් තම පක්ෂය එම තීන්දුව ගත් බවටයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරේ.

(Aruna)