Tuesday, July 08, 2025
Follow Us
රනිල්ගේ 113 වෙනුවෙන් මන්ත්‍රී වට්ටම කෝටි 10යි.මටත් කතා කළා – රාජිත

රනිල් වික්‍රමසිංහගේ 113 සාදා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරු මුදලට බා ගැනීම ආරම්භ වී ඇති අතර දැනට වට්ටම රු.කෝටි 10ක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ, අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අගමැති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නද තවමත් ඔහුට 113ක බලය නොමැති අතර ඒ වෙනුවෙන් තමන්ටද කතා කළ බවයි සේනාරත්න මහතා කියා සිටියේ.

කෙසේවෙතත් රටේ පිරිසිදු දේශපාලඥයින් කවුද යන්න මෙවර බලාගත හැකි බවද ඔහු සඳහන් කරන ලදී.

(LNW)