Thursday, September 18, 2025
Follow Us
ශ්‍රීලනිප ය අද අගමැති හමුවෙයි

අද පෙරවරු 9.00ට සාකච්ඡාව ඇරඹෙයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එම පක්ෂයේ ප්‍රකාශයෙකු පැවසුවේ අද පෙරවරු 9.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ආරාධනයට අනුව ඊට සහය දැක්වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම අදහස් පළ කර තිබේ.

කෙසේවෙතත් කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

එහෙත් අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

(Aruna)