රාජ්‍ය ඇමතිවරුන් 38 ක් පත්කළ වත්මන් ආණ්ඩුව තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් පත් කිරීමට සූදානමින් සිටින බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉහළ දැමූ විදුලි බිල් ගෙවාගත නොහැකිව, තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව රටේ බහුතර ජනතාව දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටියදී ආණ්ඩුව තවදුරටත් හිතුවක්කාරී ලෙස මැති ඇමතිවරුන් පමණක් පෝෂණය කරමින් සිටින බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.
ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.
පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකාව සමග සියලු සබඳතා අතහැර ඇතැයි වාර්තා වේ. සිය දුරකතන අංකද වෙනස් කරගෙන ඔහු ඇමරිකාවට වී හුදෙකලාව පසුවන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන්ගේ නම් සඳුදා (03) නිවේදනය කිරීමට නියමිතය.
ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන ජාතික සභා කතාව බොරුවක් බවත් කවුරු රැවටුනත් සිය කණ්ඩායම රැවටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය..
අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බව ගෝල්ෆේස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.
රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය පිළිගනිමින් ඊට මුහුණ දීමට සිදුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔක්තෝබර් මාසයේ අවසානයෙන් පසු මෙරට තුළ දැවැන්ත කැරැල්ලක් ආරම්භ වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට අද තීරණය කළා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 29 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවා ඇති කාරක සභාවක් වන ජාතික සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු නොවන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ තුළ පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට කළ ප්‍රචාරයන් සම්බන්ධයෙන් සිදුකළ අවසන් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින වෙන්කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.
Page 112 of 556