Tuesday, April 23, 2024
Follow Us
ඉන්ධන අර්බුදයෙන් බැටකන ධීවරයන් පිළිබඳව සජිත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් රටපුරා ධීවර ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

ධීවර ජනතාව බෝට්ටු සඳහා භාවිතා කරන භූමිතෙල් හා ඩීසල් ප්‍රමාණවත් ලෙස ලබා නොදීම සහ අධික වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත්, මේ නිසා ප්‍රමාණවත් මත්ස්‍ය සම්පත් වෙළඳපොල වෙත සැපයීමට අපොහොසත් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

මේ හේතුවෙන් ධීවර ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ ධීවර ජනතාවට පමණක් නොව සමස්ත රටේම ජනතාවට එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇති බවයි. සාමාන්‍ය ජනතාවට මාලු මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවත්, ජනතාවගේ පෝෂණයට එය සෘජුවම බලපා ඇති බවත් ඔහු පවසනවා.

ස්ථාවර නියෝග 27(2) යටතේ ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකයා මෙම කරුණු සඳහන් කළේය.

LNW