Thursday, March 26, 2026
Follow Us
ව්‍යවස්ථාදායක කාරක සභාව සදහා සාමාජිකයින් නම් කෙරේ

ව්‍යවස්ථාදායක කාරක සභාව සදහා නම් කළ සාමාජිකයිනගේ ලැයිස්තුව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනෙකු ඇතුළත්.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිසිර ජයකොඩි, මහාචාර්ය ජී එල් පීරිස්, වෛද්‍ය රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර, නාලක ගොඩහේවා, ෆයිසාල් කාසිම්, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් එම කාරක සභාවට ඇතුළත්. ජයන්ත සමරවීර, ගෝවින්දන් කරුණාකරම්, ඉම්රාන් මහරූෆ්, කෝකිලා ගුණවර්ධන, ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ සහ ජයන්ත වීරසිංහ යන මන්ත්‍රීවරුන් ද ව්‍යවස්ථාදායක කාරක සභාවට නම් කර තිබෙනවා.

Neth