Friday, April 26, 2024
Follow Us
 උසස් පෙළ විභාග දිනය වෙනුවෙන් පෙත්සමක්

උසස් පෙළ සිසුන්ට බරපතල අසාධාරණයක් බව කියයි


දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් (04) තහවුරු කළේය.

කෙසේවෙතත් විභාගය කල් නොදැමීමේ රජයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පැවති කොවිඩ් – 19 වසංගත තත්ත්වය සහ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් එය මේ වසරේ පෙබරවාරි මස දක්වා කල් දැමුණි.

එම විභාගය පවත්වා මාස 5කට පසුව එනම්, මේ වසරේ අගෝස්තු මාසයේ අදාළ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර ඉන් මාස හතරකට පසු මේ වසරේ දෙසැම්බර් මාසයේදී 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කෙසේවෙතත් එමගින් සිසුන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

කෙසේවෙතත් විභාගය පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැතැයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Aruna