Saturday, April 20, 2024
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රෝගයක් හෙළි වෙයි

හිටපු ජනපතිගෙන් පක්ෂය ගැන අනාවරණයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතැම් අයට තනතුරු නොමැතිව සිටිය නොහැකි රෝගයක් ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 සිට වසර 25ක් ජනාධිපති ලෙස රට පාලනය කර ඇති බව ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයේ ඉඳලාම එක දිගට මේ පක්ෂයට ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධ වුණා. අපි 17 අවුරුද්දක් ජේ.ආර් ගේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ විඳින්න තියෙන දුක් ඔක්කෝම දුන්නා. මම හිරෙත් ගියා. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ප්‍රශ්නයේදී මම පොළොන්නරුවේ මහ පාරේ නිදියගෙන දෙතුන් දාහක් එක්ක. මාව කනෙන් අල්ලගෙන පස්ස පැත්තට පයින් ගහලා ජීප් එකේ දාගෙන ගිහිල්ලා අනුරාධපුරේ හිරගෙදර තිබ්බා මාස තුනක්. 17 අවුරුද්දක් දුක් වින්ඳා. අපේ කිසිකෙනෙක් ඒ ආණ්ඩුවකට ගියේ නැහැ ඇමතිකමක් ඉල්ලගෙන. සංස්ථාවක සභාපතිකමක් ඉල්ලගෙන ගියේ නැහැ. 1994 ඉඳලා 25 අවුරුද්දකට වැඩිය එකදිගට අපි රට පාලනය කරලා තියෙනවා. රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.‍ ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අයට අසනීපයක් තියෙනවා, ආණ්ඩු බලය තුළ ඉඳලාම තනතුරු නැතුව බැහැ. ඒ්ක රෝගයක්. අපි මෙහෙම ඉතිහාසය තුළ පක්ෂ නායකයගේ ඉඳලා වැටිලා තියෙනවා. වැටිලා අපි ඔළුව උස්සලා තියෙනවා. ඒ් නිසා අපිට ඔළුව උස්සන්න බැරි කමක් නැහැ.”

Aruna